ලෝක ළමා දිනය යෙදී තිබූ පසුගිය 01 වනදා, එය සැමරීම සඳහා පාසලට මත්පැන් රැගෙන පැමිණි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක සිසුන් සිව් දෙනෙකු සම්බන්ධයෙන් මිටියාගොඩ පොලිසිය පියවර ගෙන තිබේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙම සිසුන්, වතුර බෝතලයක මත්පැන් පුරවාගෙන විදුහලට රැගෙන විත් ඇති බවට අනාවරණය වී ඇත.
විදුහල් ක්‍රියාකාරීන්ගෙන් ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිසිය, අදාළ සිසුන් සිව්දෙනා පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කර තිබේ.
එහිදී, හික්කඩුව ප්‍රදේශයේ මත්පැන් අලෙවි සැලකින් මෙම මත්පැන් මිලදී ගත් බවට ඔවුන් විසින් පිළිගෙන ඇත.
පොලිස් විමර්ශනවලින් අනතුරුව සිසුන්ට දැඩි ලෙස අවවාද කර, එදිනම පස්වරුවේ ඔවුන්ගේ දෙමව්පියන් වෙත භාර දීමට කටයුතු කළ බව මිටියාගොඩ පොලිසිය සඳහන් කරයි.
මෙම සිදුවීමෙන් පසුව, දෙමව්පියන්ගේ එකඟතාව මත අදාළ සිසුන් සිව්දෙනා පාසලෙන් ඉවත් කරගෙන ඇති බවට විදුහල් ආරංචි මාර්ග තහවුරු කරයි. මිටියාගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval