i-told-the-truth-the-police-are-lying-wimal-weerawansa

 බෙලිඅත්තේ සනා ජනපතිවරයා සමග නිවසේදී කෑම ගත්බවත් ඔහු ජවිපෙ ‍ප්‍රබල ක්‍රියාකාරී සහෝදරයෙක් බවත් පසුගියදා මාධ්‍ය හමුවක ප්‍රකාශ කරමින් තංගල්ලේ කුඩු පාතාලයට පොහොට්ටුව පමණක් නොව ජවිපෙද සම්බන්ධ බවට සාක්ෂි පළ කළ හිටපු මන්ත්‍රී විමල් වීරවංශ තංගල්ලේ පොලිසියට ගොස් මේ ගැන සාක්ෂි ලබාදුන්නේ පොලිසියේ කැඳවීමක් මතය. මුලින් ලබාදුන් දිනය මගහැර වෙනත් දිනයක ගොස් පොලිසියට ප්‍රකාශයක් කළ ඔහු එම ප්‍රකාශයෙන් පසු නැවත මාධ්‍ය අමතා ලබාදුන් ප්‍රකාශය ගැන කිසිවක් නොකී අතර අනාගත ජිනීවා ගිවිසුමක් ගැන වෙනත් කරුණක් පමණක් මාධ්‍ය වෙත කියා තිබුණි.


දවසක ඇවෑමෙන් පොලිසිය ඔහු තංගල්ල පොලිසියේදී ලබාදුන් ප්‍රකාශය කරුනු සහිතව ප්‍රකාශයට පත් කළ අතර එහි සටහන්වූයේ මොහු පෙර මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශවලට පරස්පර ප්‍රකාශයන්ය. ඒ අනුව ඔහු ජනතාව හමුවේ බොරු කියා දේශපාලන වාසි ගන්නට උත්සාහ දරා ඇති බවද ගම්‍ය විය.

මෙම පොලිස් නිවේදනය පළවී පැය කිහිපයකින් ඊට ෆේස් බුක් පෝස්ටුවකින් ප්‍රතිචාර දක්වා ඇති විමල් වීරවංශ තමා කියූ කරුනු වලින් කොටසක් පමණක් පොලිසිය ප්‍රසිද්ධ කර ඇති බව කියා තිබෙන අතර කරුනු විකෘති කර ඇතැයි චෝදනා කරයි. කෙසේ වෙතත් විකෘතිවූ කරුනු මොනවාද යන්න ගැන හෝ බෙලිඅත්ත සනා ගැන ඇත්ත විස්තරය කවරක්ද යන්න එම පෝස්ටුවෙන් පැහැදිලි කර නැත.
විමල්ගේ ප්‍රකාශය පහතින්



පසුගියදා අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන පුද්ගලයා සම්බන්ධව මා විසින් මාධ්‍ය හමුවක දී හෙළිදරව් කරනු ලැබූ තොරතුරු සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාලයට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස සිදුකරනු ලැබූ දැනුම්දීමට අනුව ඊයේ (ඔක්තෝබර් 09) මා අදාළ කාර්යාලය වෙත ගොස් සියලු තොරතුරු සමඟින් මාගේ සම්පූර්ණ ප්‍රකාශය ලබා දුනිමි.
මා විසින් අදාළ කාර්යාලයට ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් පොලීසිය විසින් අද දින මාධ්‍යයට නිකුත් කොට ඇත.
පැය තුනකට ආසන්න කාලයක් මා විසින් ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයෙන් උපුටාගෙන ඇති කොටස් පොලිසිය විසින් හිතාමතාම සංශෝධනය කොට මෙසේ මාධ්‍යට ලබාදී තිබේ. ඒවා පොලිසියට අවශ්‍ය පරිදි සංශෝධනය කරගෙන මෙසේ පළ කිරීම මගින් පොලිසිය උත්සාහා කරන්නේ පුවක්දණ්ඩාවේ සනා සහ ඔහුගේ දේශපාලන සබඳතා පිළිබඳව සත්‍ය සමාජයෙන් සැඟවීමටදැයි සැකයක් ද ඇතිවේ.
සමාජයේ කතිකාවකට ලක්වන කරුණක් සම්බන්ධයෙන් පොලිසියට ලබාදුන් ප්‍රකාශය විමර්ශනය කර ඒවායේ සත්‍ය සොයා ගන්නවා වෙනුවට තමන්ට ඇවැසි පරිදි ඒවා සංශෝධනය කොට සමාජගත කිරීම මගින් පොලීසිය තමන්ගේ ස්වාධීන භාවයද ප්‍රශ්නයට ලක්කර ගනියි.
පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද එම ප්‍රකාශය සම්පූණයෙන්ම විකෘති කරන ලද  ප්‍රකාශයක් වන අතර එය නීතිගරුක පොලිසියකට ගැළපෙන කටයුත්තක් නොව, ආණ්ඩුවක මඩ බලකායකට ගැලපෙන කටයුත්තක් බවත් කිව යුතුය.



gossiplanka image 2