
හෙට (23) දින කොළඹ 01 සිට 15 දක්වා වන ප්‍රදේශ සහ තදාසන්න ප්‍රධාන නගර කිහිපයකට පැය දහයක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව, හෙට දින පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වනු ඇත. අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත ජලය සපයන ප්‍රධාන තුළුමුව පොම්පාගාරයේ විදුලි සැපයුම අත්හිටුවීමක් සිදු කිරීම හේතුවෙන් අඹතලේ පවිත්‍රාගාරයෙන් ජලය සැපයීම නතර කිරීමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය පෙන්වා දෙයි.
මෙලෙස ජල සැපයුම අත්හිටුවීම කොළඹ 01 සිට 15 දක්වා සියලු ප්‍රදේශවලට මෙන්ම, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ සහ නාවල යන ප්‍රදේශවලට බලපානු ලබයි. ඊට අමතරව කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලට ද මෙම කාලය තුළ ජල සැපයුම නොලැබී යනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval