ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හිටපු ප්‍රධාන තණතීරු භාරකරු වූ ජයනන්ද වර්ණවීර මහතා අභාවප්‍රාප්ත වූ බව ඔක්තෝබර් 16 වන දින වාර්තාවූයේ ඒ මරණය ගැන වැඩි විස්තර රහිතවය. අභාවප්‍රාප්ත වන විට 64 වන වියේ පසුවූ ඔහුගේ මරණය කෙටි කාලීන රෝගාබාධයක ප්‍රතිඵලයක් ලෙස සිදුවී ඇත.
කෙසේ වෙතත් මේ දක්වා ප්‍රසිද්ධ මාධ්‍ය තුළ ජයනන්ද වර්ණවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් කිසිදු මතභේදාත්මක හෝ සැක කටයුතු තත්ත්වයක් වාර්තා කර තිබුනේ නොමැති නමුත් වර්ණවීර මහතාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දීමට මරණ පරීක්ෂණයේදී තීන්දුවී ඇත.
ඔහුගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රභාත් සේනසිංහ මහතා, වැඩිදුර පරීක්ෂණ සඳහා ශරීර කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස නියෝග කර තිබේ.
ඊයේ (17) දින මහනුවර ජාතික රෝහලේදී මෙම පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව, දේහය ඔහුගේ බිරිඳ වන ජානකී අබේසිංහ මහත්මිය වෙත භාර දී ඇත.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (18) පස්වරු 3.00 ට මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකළ බව පොලීසිය තහවුරු කළේය. මිය යන විට 64 වන වියේ පසුවූ වර්ණවීර මහතා, කටුගස්තොට, රණවන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී තිබුණි.
ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ජයනන්ද වර්ණවීර, 1986 වසරේදී පාකිස්තානයට එරෙහිව සිය මංගල ටෙස්ට් වරම් දිනා ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 10 කට සහ එක්දින ජාත්‍යන්තර තරග 06 කට ඔහු ක්‍රීඩා කර ඇත.
ක්‍රීඩා දිවියෙන් සමුගැනීමෙන් පසුව ඔහු දීර්ඝ කාලයක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරු භාරකරු ලෙසද සේවය කළේය.
ක්‍රීඩකයෙකු ලෙස දකුණත් පිට දඟ පන්දු යවන්නෙකු ලෙස දස්කම් දැක්වූ වර්ණවීර මහතා, ගාල්ල ක්‍රීඩාංගණය දඟ පන්දු යවන්නන්ට විශේෂයෙන් වාසිදායක වන පරිදි සකස් කරමින් එය ලෝක ප්‍රකට ක්‍රීඩාංගණයක් බවට පත් කිරීමට පුරෝගාමී වූවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval