අම්බලන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක් මගින් සංවිධානය කරන ලද පෙරහරක සිය නර්තන දායකත්වය සපයමින් සිටි තරුණයෙකු හදිසියේ රෝගාතුර වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය වාර්තා කරයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ ඇත්කඳුර, තණබද්දෙගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ පී.එම්. මහීෂ පභාෂණ නම් වූ විසි හැවිරිදි තරුණයෙකි.
අම්බලන්ගොඩ, මාදම්පේ නගරය ඔස්සේ ගමන් කරමින් තිබූ මෙම පෙරහරේ කාවාඩි නර්තනයේ යෙදී සිටියදී ඔහු මෙසේ රෝගාතුර වී ඇති අතර, වහාම බලපිටිය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
කෙසේ වෙතත්, රෝහලට ඇතුළත් කරන විටත් එම තරුණයා මියගොස් සිටි බවට පොලීසිය තොරතුරු අනාවරණය කර ඇත. මියගිය තරුණයාට මින් පෙර කිසිදු බෝ නොවන රෝගී තත්ත්වයක් නොතිබූ බවත්, මෙම හදිසි අභාවය තමන්ට සිතා ගැනීමටවත් නොහැකි සිදුවීමක් බවත් පවුලේ ඥාතීන් සඳහන් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval