මොරටුව විශ්වවිද්‍යාලයේ 25 හැවිරිදි සිසුවියකගේ ශරීරයට රාත්‍රී කාලයේදී අතවර කර පලා ගිය බවට චෝදනා එල්ල වූ එම විශ්වවිද්‍යාලයේම සේවයේ නියුතු රියැදුරකු මොරටුව මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (18) දින අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සිසුවිය ඉකුත් 15 වන දා රාත්‍රියේ විශ්වවිද්‍යාල භූමිය තුළ ගමන් කරමින් සිටියදී, හදිසියේම පැමිණි පුද්ගලයකු ඇයගේ සිරුර අතපත ගා පළා ගොස් ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
මෙම සිදුවීමෙන් අනතුරුව, විශ්වවිද්‍යාලයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ. එම සී.සී.ටී.වී. රූප රාමු ඔස්සේ, මෙම ක්‍රියාව සිදුකර පලා ගිය පුද්ගලයා විශ්වවිද්‍යාලයේ සේවය කරන රියැදුරකු බවට හඳුනාගෙන ඇති අතර, ඒ අනුව අදාළ සිසුවිය විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ මොරටුව මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාර රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.