කහ ඇනකොන්ඩා, බෝල් පයිතන්, ස්පෙකල්ඩ් කින්ග් ස්නේක් සහ හොන්ඩියුරානු කිරි සප්පයා යන විදේශීය සර්ප විශේෂවලට අයත් සතුන් 6 දෙනෙකු,
සැකකාරිය සිය ගමන් මලු දෙකෙහි සූක්ෂම ලෙස සඟවාගෙන පැමිණ තිබිණි. කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් සඳහා වෙන්වූ 'හරිත මාවත' ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය අත්අඩංගුවට පත්විය.
රේගු නිලධාරීන් පෙන්වා දෙන්නේ, මෙරටට ගෙන එන මෙවැනි සර්පයන්, පසුව විශාල වූ විට නඩත්තු කිරීමට අපහසු වීම නිසා වනාන්තරවලට මුදා හැරීමේ ප්‍රවණතාවක් පවතින බවයි. එය මෙරට පරිසර පද්ධතියට දැඩි හානියක් සිදුකළ හැකි ආක්‍රමණික ජීවී විශේෂ තර්ජනයක් නිර්මාණය කරන බව ඔවුහු අවධාරණය කරති. තවද, ගුවන් යානයක් තුළ මෙසේ ජීවීන් ප්‍රවාහනය කිරීම මගීන්ගේ ආරක්ෂාවට ද දැඩි අවදානමක් බව පෙන්වා දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉන්ඩිගෝ ගුවන් සේවයට දැඩිව අවවාද කර, විමර්ශනවලින් පසු අදාළ සර්පයන් නැවත පිටරට යැවීමට (Re-Export) රේගුව නියෝග කර ඇත. ශ්‍රී ලංකාව තුළ විසිතුරු සතුන් ලෙස සර්පයන් ඇති කිරීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතින බවත්, ඔවුන්ගේ ආහාරය සඳහා විශේෂිත සුදු මීයන් විශාල වශයෙන් ආනයනය කරන බවටත් මෙම විමර්ශනයේදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
>
Comments
Post a Comment
Your comment will be visible after approval