
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි පැය 24ක කාලය තුළ ද අපේක්ෂා කළ හැකි බවය.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ද විටින් විට වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ සඳහන් වේ. මීට අමතරව උතුරු-මැද පළාතේත් මාතලේ, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද විටින් විට පැයට කිලෝමීටර් 40-50ත් අතර වන තද සුළං ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval