update-the-bass-who-came-to-repair-the-dust-house-died-in-tangalle-seenimodara

 තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නවීකරණය වෙමින් පවතින නිවසකින් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනීමත් සමඟ තවත් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිදුවීමක් සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.



සීනිමෝදර ප්‍රදේශයේ පැරණි නිවසක් මිලදී ගත් හිමිකරුවෙකු විසින් එය අලුත්වැඩියා කරමින් සහ ඒ වටා තාප්පයක් ඉදිකරමින් සිට ඇති අතර, එම ඉදිකිරීම් කටයුතුවල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (21) රාත්‍රියේ එම නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇත.



එහිදී එක් පුද්ගලයෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ඔහුගේ දරුවන් විසින් ඔහුව තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, අද (22) අලුයම ඔහු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ තංගල්ල, විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි තුසිත කුමාර නැමැත්තෙකි.

මෙම මරණය සම්බන්ධයෙන් ඔහුගේ දරුවන් විසින් තංගල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව, පොලිස් නිලධාරීන් විසින් අදාළ ඉදිකිරීම් සිදුකරන නිවස පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී එම නිවසේ කාමරයක තිබී තවත් මළ සිරුරු දෙකක් සොයාගෙන ඇති අතර, ඒ අසල 'අයිස්' මත්ද්‍රව්‍ය තිබූ බවද පොලීසිය වාර්තා කරයි.

මෙලෙස නිවස තුළ මියගොස් සිට ඇත්තේ අම්බලන්තොට, නෝනාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ 21 හැවිරිදි කවිඳු කල්හාර සහ 24 හැවිරිදි ධනුක ලක්ෂාන් යන තරුණයන් දෙදෙනායි.

දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම මියගිය පුද්ගලයින් නිවසේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය අත්හදාබැලීමට ගිය කුලී කම්කරුවන් බව අනුමාන කෙරේ. නිවසේ හිමිකරුවන් හෝ මෙම ජාවාරමට සම්බන්ධ අය වෙනම හඳුනාගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකය.

gossiplanka image 2
gossiplanka image 2
gossiplanka image 3


gossiplanka image 4
gossiplanka image 5


gossiplanka image 6
gossiplanka image 7
gossiplanka image 8