the-son-of-the-director-general-of-the-bribery-commission-was-not-appointed-to-the-royal-commission-through-bribery

 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු අවසන් කළ බව එම කොමිසම නිවේදනය කරයි. 2014 වසරේදී සිය දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට අවිධිමත් ලෙස ඇතුළත් කළ බවට ඔහුට එරෙහිව පැමිණිල්ලක් ලැබී තිබුණි.





කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටම එරෙහිව පැමිණිල්ලක් ලැබී තිබීම හේතුවෙන්, සභාපතිවරයා ඇතුළු කොමසාරිස්වරුන් තිදෙනාගේම නියෝගය මත මෙම විමර්ශනයට ප්‍රමුඛතාවය ලබාදී කඩිනමින් සිදුකර තිබේ.

විමර්ශනයේදී තහවුරු වී ඇත්තේ අදාළ දරුවා පාසලට ඇතුළත් කිරීමේ ක්‍රියාවලියේදී ආයතනික ක්‍රමවේදයන් උල්ලංඝනය වීමක්, පක්ෂග්‍රාහී හෝ නීති විරෝධී ක්‍රියාවක් හෝ කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදුවී නොමැති බවයි. අදාළ පාසල් ඇතුළත් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුව ඇති බවට නිරීක්ෂණය වූ බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.