the-moon-will-turn-red-next-sunday-7

 ලොව පුරා රටවල් රැසකට දර්ශනය වන පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් සැප්තැම්බර් 07 වැනි ඉරිදා, ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රි 08.58 පමණ සිට පසුදා අලුයම 02.25 දක්වා නිරීක්ෂණය වන බව නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය පවසයි.

රාත්‍රි 08.58ට ආරම්භ වන චන්ද්‍ර ග්‍රහණයේ උපරිම අවස්ථාව හෙවත් පූර්ණ චන්ද්‍ර ග්‍රහණය රාත්‍රි 1141 පමණ වන විට දර්ශනය වනු ඇති බවත් පසුදින අලුයම 0225 පමණ වන විට චන්ද්‍ර ග්‍රහණය අවසන් වනු ඇති බව ද නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය සඳහන් කරයි.




සූර්යයා පෘථිවිය සහ චන්ද්‍රයා ඒක රේඛීය වන අවස්ථාවක චන්ද්‍රයා පෘථිවියේ සෙවණැල්ලට හසු වීමෙන් චන්දු ග්‍රහණයක් ඇති වේ. සූර්යයා සහ චන්ද්‍රයා අතරට පැමිණෙන පෘථිවියේ සෙවණැල්ලට කොටස් දෙකකි. පූර්ණ චන්ද්‍ර ග්‍රහණයකදී, චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම අතුරුදන් නො වන

අතර එය රතු, තැඹිලි හෝ තඹ වර්ණවලින් දි වේ. මෙය සිදුවන්නේ පථිවිය හිරුගේ සිට එන සෘජු ආලෝකය අවහිර කළද යම් ආලෝකයක් තවමත් පථිවියේ වායුගෝලය හරහා වර්තනය වෙමින් සඳ කරා යන බැවිනි. මෙහි දී පෘථිවි වායුගෝලය කෙටි තරංග ආයාමයන් සහිත ආලෝකය (නිල් ආලෝකය) විසුරුවා හරින අතර දිගු තරංග ආයාමයන් (රතු ආලෝකය) අඩුවෙන් විසුරුවා හරියි. මේ නිසා පෙරහන් කළ රතු ආලෝකය සඳ මතට වැටෙන අතර එය රතු පැහැයෙන් දර්ශනය වේ.


gossiplanka image 1