අද අලුයම නිකුත්වූ 2025 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව අද උදෑසන පැවති මාධ්‍ය හමුවේදී විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පහත කරුණු අනාවරණය විය.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට 303671 ක් පෙනී සිට ඇති අතර ඉන් 20000 කට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට හැකිව තිබේ. සමස්ත ප්‍රතිඵලය අනුව දිස්ත්‍රික් කඩයිම් මට්ටම 51000 දෙනෙක් පසුකරමින් විභාගය සමත්ව ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 17.1 වන අතර පසුගිය වසරට වඩා සියයට 1.06 වැඩිවීමක් පෙන්නුම් කරයි.
මෙවර ලකුණු 70 ට වැඩි ළමුන් 213000 එනම් සියයට 70.43 සිටින අතර සබරගමුව 74.59 %, දකුණ 72.82%, වයඹ 72.56% පළාත් අනුව 70 ට වඩා වැඩි සාධනයන් පෙන්වා ඇත.
70 ට වැඩි ළමුන් සංඛ්‍යාත්මකව සැලකීමේදී කුරුණෑගල, හම්බන්තොට හා කෑගල්ල දිස්ත්‍රික්ක ප්‍රමුඛ වන බවද විභාග කොමසාරිස්වරිය සඳහන් කළාය.
දිස්ත්‍රික් කඩයිම් ලකුණු සැලකීමේදී වැඩිම ඉල්ලුම අනුව කොළඹ ගම්පහ කළුතර වැඩි ලකුණු පෙන්නුම් කර ඇත.
මෙවර 5 ශිෂ්‍යත්වයේ සිංහල මාධ්‍යයෙන් වැඩිම ලකුණු ප්‍රමාණය රැස්කරගෙන ඇත්තේ ගාල්ල නියෝජනය කරන සිසු දරුවෙකු වන අතර ලකුණු 198 ක් ලබාගෙන ඇත. දෙමළ මාධ්‍යයෙන් යාපනයේ සිසු දරුවෙකු 194 වැඩිම ලකුණු ලබා ඇත. පසුගිය වසරේ 188 හා 185 වැඩිම ලකුණු ගණන් මෙවර අභිබවා ඇත.
මෙම ජයග්‍රාහී සිසුන් පිළිබඳ ඊට වඩා විස්තර රජයේ ප්‍රතිපත්තිය අනුව පළ කරන්නේ නැති බවද විභාග කොමසාරිස්තුමිය දන්වා සිටියාය.
Comments
Post a Comment
Your comment will be visible after approval