tangalle-municipal-council-secretary-rupasena-was-among-the-deceased

 ඊයේ (සැප්. 4) රාත්‍රියේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදු වූ බස් අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම්වරයා වන ටී. ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු පුද්ගලයන් පහළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. අනතුර සිදු වන අවස්ථාවේදී මෙම පිරිස තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක නිරතව ආපසු සිය නිවෙස් බලා යමින් සිටි බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.





අධික වේගයෙන් ධාවනය වූ මෙම බස් රථය, කිලෝමීටර් 23 සහ 24 කණුව අතර ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී ඇති බව වාර්තා වේ. මියගිය පිරිස අතර බස් රථයේ රියදුරු ද වන අතර, පිරිමි පුද්ගලයන් හය දෙනෙකු සහ කාන්තාවන් නව දෙනෙකු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. අනතුරින් තුවාල ලැබූ තවත් පහළොස් දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන බව වාර්තා වේ. මෙම බස් රථයේ ගමන් කර ඇත්තේ තංගල්ල නගර සභාවේ නිලධාරීන්, සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසකි.