අම්බලන්ගොඩ පොලිස් වසමේ වතුගෙදර, පැටිවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.
වෙඩි වැදී ඇත්තේ වතුගෙදර, මහලදූව පදිංචි 54 හැවිරිදි ගුස්තිඥාවඩු ප්‍රසාද් ප්‍රියංකර නොහොත් 'පැට්ටා' නමැති පුද්ගලයාටය. ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වූ ධම්මික නිරෝෂණ හෙවත් 'ජොන්ටි' නමැති ක්‍රීඩකයා 2024 ජූලි 14 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවකු ලෙස මොහු හඳුනාගෙන තිබුණි.
ප්‍රසාද් ප්‍රියංකර ඊයේ (09) දහවල් 1.30ට පමණ ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් නැවත නිවස බලා එමින් සිටියදී මෙම වෙඩි තැබීමට ලක්ව ඇත. ඔහු ඇල්පිටියේ සිට බස් රථයකින් වතුගෙදරට පැමිණ, එතැන තිබූ ත්‍රිරෝද රථයක නැගී නිවස බලා යන අතරතුර පැටිවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ඔහුට වෙඩි තබා ඇත.
වෙඩි උණ්ඩයක් ඔහුගේ කන අසලින් ගොස් තිබුණු අතර, එම ස්ථානයේ සම පමණක් සීරීමට ලක්ව තිබේ. වෙනත් බරපතල තුවාල සිදුවී නොමැති බව වාර්තා වේ. වෙඩි තැබූ පුද්ගලයන් වහාම අසල වූ දේවාල පාර ඔස්සේ පළාගොස් ඇත. වෙඩි වැදුණු පුද්ගලයා ප්‍රතිකාර සඳහා බළපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම ස්ථානය අසලම මීට වසර ගණනාවකට පෙර මහලදූව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ මාදුවගේ සරත් නමැති අයද වෙඩි තබා ඝාතනය කර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය මේ වන විට වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ක්‍රිකට් ක්‍රීඩකයා ඝාතනය සඳහා යොදාගත් බෝර දොළහ වර්ගයේ ගිනිඅවිය බලපිටිය රන්දොඹේ සොහොන් භූමියක කැලෑවේ සඟවා තිබියදී මීට වසරකට පමණ පෙරදී සොයාගෙන තිබූ අතර
මේ ඝාතනය සඳහා ඝාතකයන්ට කොන්ත්‍රාත් මුදල් විදෙස් රටකින් අවස්ථා දෙකකදීම කොස්ගොඩ සැකකාරියකගේ ගිණුමට බැරවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval