රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින්, සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා ඩිජිටල් අත්සන හඳුන්වා දීමේ වැඩපිළිවෙළක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇත.
මෙම වැඩසටහනේ සමාරම්භක පියවර ලෙස, ස්වදේශ කටයුතු අංශයට අනුබද්ධ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ට ඩිජිටල් අත්සන ලබා දීම, අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 15 වන දා සිදු කෙරිණි.
2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතට අනුව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ ඩිජිටල් අත්සන් සඳහා නිල සහතික කිරීමේ අධිකාරිය ලෙස LankaPay ආයතනය කටයුතු කරයි. මෙමගින් ලිපි ලේඛන සඳහා ගතවන කාලය අවම කර වඩාත් ඵලදායී සේවාවක් සැපයීමට අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා, වත්මන් රජයේ අරමුණ ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බිහි කිරීම සඳහා සමස්ත රාජ්‍ය සේවයම ග්‍රාම නිලධාරී මට්ටම දක්වා ඩිජිටල්කරණය කිරීම බව අවධාරණය කළේය. මෙම වැඩසටහනට අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval