all-former-presidents-have-houses-in-colombo-minister-nalinda

හිටපු ජනා­ධි­ප­ති­වරු සියලු දෙනා­ටම කොළ­ඹින් ගෙවල් තිබෙන බව ද ඒ නිසා නිල නිවාස භාරදී ගමට යෑමේ අව­ශ්‍ය­තා­වක් නැති බව ද කැබි­නට් ප්‍රකා­ශක සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.



අමා­ත්‍ය­ව­රයා මේ බව පැව­සුවේ රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වේදී ඊයේ (16) පැවති කැබි­නට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමු­වේදී ඉදි­රි­පත්වූ ප්‍රශ්න කිහි­ප­ය­කට පිළි­තුරු දෙමිනි. එහිදී මාධ්‍ය­වේ­දීන් විමසා සිටියේ, පාර්ලි­මේ­න්තුවේ සම්මත කර­ගත් පන­තට අනුව, හිටපු ජනා­ධි­ප­ති­වරු නිල නිවාස භාර­දීම හා ඉන් පසු ඔවුන්ගේ දේශ­පා­ලන කට­යුතු සිදු කරන ආකා­රය පිළි­බ­ඳ­වය.

හිටපු ජනා­ධි­ප­ති­ව­රු­න්ගෙන් කීප දෙනෙක්ම ඇමැ­ති­ව­ර­යෙක්, අග­මැ­ති­ව­ර­යෙක්, ජනා­ධි­ප­ති­ව­ර­යෙක් හා හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යෙක් ලෙස ජනතා බදු මුදල් වැය කර­මින් වසර තිහ­කට අධික කාල­යක් රජයේ නිල නිවා­ස­වල වාසය කර ඇති බව ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

එනිසා රජයේ නිල නිවා­ස­වල ජීවත් වීම ඔවුන්ගේ ඇබ්බැ­හි­යක් බවට පත්ව ඇති බව ද කොළ­ඹින් තම­න්ගේම නිවාස තිබු­ණත් ඒවායේ වාසය කිරී­මට නොයන්නේ ඒ නිසා බව ද අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේය. ඕනෑම විදේ­ශීය රාජ්‍ය තාන්ත්‍රි­ක­ය­කුට හෝ මෙරට පුද්ග­ල­ය­කුට හෝ හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යෙක් මුණ­ගැ­සී­මට අවශ්‍ය නම්, ඔවුන්ගේ පෞද්ග­ලික නිව­සට යෑමේ බාධා­වක් නැති බව ද අමාත්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සු­වේය.

දැන­ටත් හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් වන රනිල් වික්‍ර­ම­සිංහ හා ගෝඨා­භය රාජ­පක්ෂ මහ­ත්ව­රුන් හමු­වන්නේ ඒ ආකා­ර­යට බව ද අමා­ත්‍ය­ව­රයා පෙන්වා දුන්නේය.