මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි සම්පත් මනම්පේරි මහතා, අද (17) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.
ඔහු අධිකරණයට භාර වන බවට, ඔහුගේ නීතිඥවරුන් විසින් පසුගිය 15 වන දා අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණේ ඔවුන් විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය. මෙම දැනුම් දීමෙන් දින දෙකකට පසුව ඔහු මෙලෙස අධිකරණයට ඉදිරිපත් වී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරයෙකු වන පියල් මනම්පේරිගේ නමද කියවෙන අතර, මෙම චෝදනා එල්ල වීමත් සමග සම්පත් මනම්පේරි මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෑතකදී පියවර ගෙන තිබිණි.

Comments
Post a Comment
Your comment will be visible after approval