police-officer-who-was-on-duty-at-the-roadblock-was-caught-by-oic

 සේවා මුරයේ යෙදී සිටියදී බීමතින් සිටි පොලිස් සැරයන්වරයෙකු, ආණමඩුව පොලිස්ථානාධිපතිවරයා විසින් සිදුකළ හදිසි පරීක්ෂාවකදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම සැප්තැම්බර් 15 වන දා සවස ආණමඩුව, තෝනිගල මාර්ග බාධකය ආශ්‍රිතව වාර්තා වී ඇත.



පොලිස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණෙන විට, 59 හැවිරිදි මෙම සැරයන්වරයා සිය රාජකාරිය ඉටුකර ගැනීමට නොහැකි තරමට දැඩි ලෙස බීමතින් සිටි බව අනාවරණය වී තිබේ. කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම නිලධාරියා,

මීට මාස කිහිපයකට පෙර ආණමඩුව පොලිස් ස්ථානයට මාරු වී පැමිණි අයෙකි.

ඒ අනුව, පොලිස්ථානාධිපතිවරයා විසින් ඔහුව වහාම සිය භාරයට ගෙන රාජකාරියෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලදී. අනතුරුව සැකකාර සැරයන්වරයාව ආණමඩුව මූලික රෝහල වෙත යොමු කර ඇති අතර, එහිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන්ද ඔහු මත්පැන් පානය කර සිටි බවට තහවුරු වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව සහකාර පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීම යටතේ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.