sagaras-warning-to-the-unofficial-president-of-2029

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් මෙන් ම, නාමල් රාජපක්ෂගේ ප්‍රධාන නීති උපදේශක ලෙස කටයුතු කරන නීතිඥ සාගර කාරියවසම් 
 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතාට දැඩි අනතුරු ඇඟවීමක් කරමින්, ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත හා මතභේදාත්මක ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා ඇත.


පසුගියදා අනුරාධපුර පැවති රැස්වීමකදී 2029 නාමල් ජනපති වන විට තමා නිල නොවන ජනපති වනු ඇතැයි තිස්සකුටිටි ආරච්චි  කළ ප්‍රකාශය මෙම අවවාදය ලබාදීමට හේතුවී ඇත.



මෙම කතාවෙන් පක්ෂ ශ්‍රේණි තුළ සැලකිය යුතු කනස්සල්ලක් ඇති කර ඇති බවත්, පක්ෂ ධූරාවලියෙන් පහළ සිටින අය ඉහළ අය යයි කියමින් කරන කතාව අභ්‍යන්තරය කළඹන්නට හේතුවී ඇතැයිද ඔහු පවසා ඇත.

කුට්ටියාරච්චි මහතා අනුරාධපුරදී සිය සගයන්ට තමා නාමල් සමග ඉහළ තැනක සිටින නිසා පක්ෂයේ සැලකිල්ල ලබාගැනීමට මෙම ප්‍රකාශය සිදුකර තිබූ අතර සමාජ මාධය තුළ හාස්‍යයයට ලක්වූ ප්‍රකාශයක් බවටද පත්ව විවේචන පළවී තිබුණි. ඔහු කළ ප්‍රකාශය පහත පරිදිය.



"මොකද, නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙන දවසට, මම තමයි මේ රටේ නිල නොලත් ජනාධිපති. මම එයාගේ ළඟම මිත්‍රයා සහ හිතවතා. ඒ නිසා අනුරාධපුර දිස්ත්‍රික්කය ලංකාවේ වැඩිම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරවීමේ වගකීම මට තිබෙනවා.
 2020 ජනාධිපතිවරණයෙන් පසුව, මම තමයි නාමල් රාජපක්ෂගේ ළඟම මිත්‍රයා. ඒ නිසා මගෙන් වැඩක් වෙන්න ඕන නම්, ඔබත් වැඩ කරන්න ඕන. සංවිධායකවරු වැඩ කරන්න. සංවිධායකවරුන්ට බැරි නම්, වැඳලා කියන්නේ, කරුණාකරලා ඒ බව කියන්න."