rice-packets-kottu-egg-roti-by-rs-25-parathas-and-short-eats-by-rs-10

 අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බත් පාර්සලයක් ඇතුළු ප්‍රධාන ආහාර කිහිපයක මිල අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. මෙම මිල අඩු කිරීම, ඉන්ධන සහ අමුද්‍රව්‍ය මිල පහත යෑමට අදාළව ගනු ලැබූ පියවරක් බව සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි.





නව තීරණයට අනුව බත් පාර්සලයක මිල රුපියල් 25 කින්, කොත්තු සහ බිත්තර රොටියක මිල රුපියල් 25 කින්, පරාට රොටියක මිල රුපියල් 10 කින් සහ අනෙකුත් සියලුම කෙටි ආහාරවල මිල රුපියල් 10 කින් අඩු කර ඇත. මෙම මිල අඩු කිරීම පාරිභෝගිකයන්ට මෙන්ම ආපනශාලා හිමියන්ටද යම් සහනයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.