මීට දින කිහිපයකට පෙර ව්‍යාජ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි, "මධුවා" යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට රැප් ගායක මාධව ප්‍රසාද්, පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග නැවතත් කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ලද රහසිගත තොරතුරකට අනුව, සැකකරුගේ පිටිපන, ගලහේන ප්‍රදේශයේ පිහිටි නිවසක පිටුපස වළ දමා තිබූ ජෙලග්නයිට් කූරු 3ක්, ඩෙටනේටර් 5ක් සහ ඇමෝනියා නයිට්‍රේට් කිලෝග්‍රෑම් 3.5ක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු ඉකුත් අගෝස්තු 25 වන දින ව්‍යාජ පිස්තෝලයක් සමග අත්අඩංගුවට පත්ව අධිකරණයෙන් ඇප ලබා තිබිණි.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු විසින් හෙළි කර ඇත්තේ, මෙම පුපුරන ද්‍රව්‍ය තමන්ට ලබා දුන්නේ ගිනි අවියක් සොරකම් කිරීමේ චෝදනාවකට මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයෙකු විසින් බවයි.
එමෙන්ම, අදාළ කොස්තාපල්වරයා විසින් මෙම පුපුරන ද්‍රව්‍ය තොගයෙන් කොටසක් තවත් රැප් ගායකයෙකුට ලබා දී ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති අතර, එම ගායකයා අත්අඩංගුවට ගැනීම සඳහාද විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි. 26 හැවිරිදි සැකකාර "මධුවා" කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval