ranil-who-appointed-deshabandu-when-everyone-was-against-it-is-sick

 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීමේ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් පෙබරවාරි මස 12 වන දා විභාගයට ගැනීමට නියමිතය.





අද (08) දින අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.

කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව 09ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.