protest-against-the-actions-of-the-director-of-ratnapura-hospital

 රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) රත්නපුර ශාඛාව අද (02) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.



වර්ජනයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ, අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි පීඩනයකට ලක්වීම සහ එය රෝගී සත්කාරයට බාධාවක් වීමයි.

මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සාධාරණ විමර්ශනයක් සඳහා දුන් පොරොන්දුවක් මත වෘත්තීය ක්‍රියාමාර්ගයක් කල් දැමුවද, එම පොරොන්දුව ඉටු වී නොමැති බව ඔවුහු පවසති.

චෝදනාවට ලක්වූ අධ්‍යක්ෂවරයා තනතුරේ සිටියදීම විමර්ශන පැවැත්වීම එහි අපක්ෂපාතීත්වයට හානි කරන බවත්, සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල වෙමින් පවතින බවත් වෛද්‍ය සංගමය චෝදනා කරයි.

ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් වනුයේ, විමර්ශනය අවසන් වන තුරු අධ්‍යක්ෂවරයා තාවකාලිකව තනතුරෙන් ඉවත් කිරීම සහ රෝහල් පරිශ්‍රය තුළ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමයි. වර්ජන කාලය තුළ හදිසි සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බවද ඔවුන් දැනුම් දී ඇත.