no-confidence-motion-against-deputy-minister-of-defense-withdrawn-without-debate

 ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික)ට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවත්, එය වර්තමාන ස්වරූපයෙන් පිළිගත නොහැකි බවත්, කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.



මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ස්ථාවර නියෝග යටතේ පවසා සිටියේ, අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණය ඉදිරිපත් කිරීමට කථානායකවරයා වෙත ලබාදී ඇති නීතිපතිවරයාගේ සහ ලේකම් මණ්ඩලයේ වාර්තාව සභාගත කරන ලෙසය.

මෙහිදී විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා ද කථානායකවරයාගේ තීරණයට අදාළව අදහසක් ප්‍රකාශ කිරීමට අවස්ථාව ඉල්ලා සිටි නමුත් එහිදී කථානායකවරයා පවසා සිටියේ, මෙය විවාදයක් නොවන බවත් ඒ සඳහා අවස්ථාව නොමැති බවත්ය.

එහිදී පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර කථානායකවරයා පවසා සිටියේ, අදාළ දැනුම්දීම හොඳින් කියවා බලන ලෙසයි.
කථානායකවරයාට එරෙහිව ද විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙහිදී කියා සිටියේය.