අඟහරු මත ජීවය තිබේද යන ප්‍රශ්නය දශක ගණනාවක් තිස්සේ විද්‍යාඥයින් ව්‍යාකූලත්වයට පත් කර තිබුණකි. මේ ගැන සොයා පොත්පත්, චිත්‍රපට, සහ ඩොලර් බිලියන ගණනක අභ්‍යවකාශ මෙහෙයුම් දක්වා වූ සෑම දෙයකටම මග පෑදීය. දැන් විද්‍යාඥයින්ට අවසානයේ පිළිතුරක් ලැබී තිබේ. ඔවුන් නව සොයාගැනීමක් කර ඇති අතර, එය අඟහරු මත පුරාණ ජීවයක් පැවතීමට ඇති පැහැදිලිම සාධකය ලෙස ඔවුන් හඳුන්වයි.
මීට වසර බිලියන 3.5කට පෙර නරෙට්වා වැලිස් (Naretva Valis) නම් වූ පුරාණ ගංගා නිම්නයක් අඟහරු මත පැවති බව කියනු ලැබේ. එය ජෙසෙරෝ (Jazerro) නම් ආවාටයක් හරහා ගමන් කරමින් මඩ සහ බොරළු රැගෙන යන වේගවත් ගංගා වලින් පිරී තිබෙන්නට ඇතැයි විද්‍යාඥයෝ සිතති. ජලය අවසානයේ වියළී ගිය පසු එය පාෂාණමය නෙරුම් ඉතිරි කළේය. එම කැටයම් කරන ලද ප්‍රදේශය අදටත් අඟහරුගේ භූ දර්ශනය මත පිහිටා ඇත.
පුරාණ ජීවය පැවතීමට ඉඩ ඇති බවට විද්‍යාඥයින්ට සාධක හමු වී ඇත්තේ මෙතැන් සිටය.
නාසා ආයතනයේ විද්‍යාඥයින් මෙම සොයාගැනීම සිදුකර ඇත්තේ පර්සවරන්ස් (Perseverance) නම් අඟහරු රෝවරය භාවිතා කර පාෂාණ පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. 2021 වසරේදී එය ජෙසෙරෝ ආවාටය තුළ ගොඩබස්වන ලදී. එමෙන්ම අඟහරු මත ගලා ගිය ජලයෙන් සෑදූ හෝ වෙනස් කරන ලද පාෂාණ සොයා ගැනීම මෙමගින් අපේක්ෂා කරන ලදී. 2024 දී පර්සවරන්ස් ඊතලයක හැඩැති පාෂාණයකින් සාම්පලයක් ලබාගත් අතර විද්‍යාඥයින් එය ඉතා සතුටින් පිළිගත්තේය. මෙය ඔවුන් සොයා ගැනීමට බලාපොරොත්තු වූ ආකාරයේම පාෂාණයක් විය. ග්‍රෑන්ඩ් කැනියන් හි (Grand Canyon) එක් දිය ඇල්ලක් අනුව නම් කරන ලද මෙම රතු පැහැති පාෂාණයට ඔවුහු ෂියා ෆෝල්ස් (Shia Falls) යන අන්වර්ථ නාමය තැබූහ. එහි කුඩා කළු පැහැති ලප, සහ විශාල සලකුණු දක්නට ලැබුණි. පර්සවරන්ස් රෝවරය පරිසරය හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ගංගා නිම්නය සමීක්ෂණය කළ අතර තවත් බොහෝ දත්ත එකතු කරන ලදී.
දැන් විද්‍යාඥයින් නිගමනයකට පැමිණ ඇත. ඔවුන් පවසන්නේ මෙම සලකුණු සමහර පුරාණ ජීවීන් විසින් සාදනු ලැබූ ඒවා විය හැකි බවයි. එම පාෂාණවල වයනය පෙන්නුම් කරන්නේ යම් රසවත් දෙයක් සිදුවී ඇති බවයි,
එය පුරාණ ජීවීන් විසින් සිදු කරන ලද රසායනික ප්‍රතික්‍රියා විය හැකිය. මෙය හරියටම සිදුවූයේ කෙසේද යන්න හෝ එයට හේතුව කුමක්ද යන්න විද්‍යාඥයින් නොදනිති, නමුත් ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම හේතුවෙන් මෙය සිදුවිය හැකි බවට ඔවුන් සිතති. සියල්ලට පසු, පාෂාණවල කාබන් පදනම් වූ අණු වන කාබනික ද්‍රව්‍ය ද අඩංගු වන අතර, ඒවා පෘථිවියේ ජීවයේ ගොඩනැගීමේ කොටස් ලෙස හැඳින්වේ.
මෙම සොයාගැනීම ප්‍රධාන සොයාගැනීමක් වන නමුත්, තවත් බොහෝ දේ සිදු කිරීමට ඇත. මෙය අවසාන පිළිතුර නොවන බවත් තවත් බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු නොලැබී ඇති බවත් විද්‍යාඥයෝ පවසති. පාෂාණ සාම්පලය පෘථිවියට ළඟා වී රසායනාගාරවල අධ්‍යයනය කළහොත් පමණක් විද්‍යාඥයින්ට තවත් සොයාගැනීම් කළ හැකිය. දැනට සාම්පලය තවමත් අඟහරු මත නලයක් තුළ අඩංගු වී ඇත. එය පෘථිවියට පැමිණෙන තෙක්, අඟහරු ග්‍රහයා මත ජීවය පිළිබඳ සත්‍යය නොපැහැදිලිව පවතී.
(first post ඇසුරිනි)
Comments
Post a Comment
Your comment will be visible after approval