ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාට රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇත. පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මේ බව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.
සාගර කාරියවසම් මහතා පවසා සිටියේ,
නාමල් රාජපක්ෂ මහතාගේ ඡායාරූප පෙන්වමින්, කිසිදු පදනමකින් තොරව මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ කිරීමට ගත් ව්‍යාජ උත්සාහයට එරෙහිව මෙම නීතිමය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි. ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ එහි කිසියම් නායකයෙකුට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කරන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විශේෂ නීතිඥ කණ්ඩායමක් පත් කර ඇති බවත්, මෙය එහි පළමු පියවර බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, මෙම එන්තරවාසිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා කියා සිටියේ, නාමල් රාජපක්ෂ මහතා නියමිත දිනයේදී දිසා අධිකරණයේ නඩුවක් නොපැවරුවහොත් තමා හරස් ඉල්ලීමක් කරමින් නාමල් රාජපක්ෂට එරෙහිව නඩුවක් පවරන බවයි.
ඔහු තවදුරටත් සඳහන් කළේ, අපහාස නඩුවකදී පැමිණිලිකරුගෙන් විත්තිකරුට ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට අවස්ථාව ලැබෙන බවයි.
එම නිසා අපහාස නඩුවක් දමන අයෙකු පිරිසිදු දෑතින් සිටිය යුතු බවත්, එසේ නොමැති නම් ඔහුගේ චරිතය ප්‍රශ්න කිරීමට සිදුවන බවත් ඔහු පැවසීය. නාමල් රාජපක්ෂ මහතා එංගලන්ත විශ්වවිද්‍යාලයකින් නීතිවේදී උපාධියක් ලබාගත් බව එන්තරවාසියේ සඳහන් වන බැවින්, නඩුව පැවරූ පසු ඒ පිළිබඳව හරස් ප්‍රශ්න ඇසීමට තමන් සූදානම් බවද ඔහු ප්‍රකාශ කළේය. එන්තරවාසියට අනුව නඩු පැවරීම සඳහා දින 14ක කාලයක් ලබා දී ඇති අතර, නියමිත දිනයේදී එය සිදු නොකළහොත් තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු අවධාරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval