importing-vehicles-has-brought-in-more-revenue-for-the-government-than-expected

මෙම වසරේ වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ ආදායම ඉක්මවා යනු ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය වී තිබේ. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සැප්තැම්බර් 23 වැනිදා එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු හෙළි විය.



වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 460ක් ලෙස මුලින් ඇස්තමේන්තු කර තිබුණ ද, වත්මන් තත්ත්වය අනුව එය රුපියල් බිලියන 700 දක්වා ඉහළ යනු ඇති බවට පෙනී යන බව වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති අංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ෂානි අබේරත්න මහත්මිය සඳහන් කළාය.

බලාපොරොත්තු වූවාට වඩා වැඩි වාහන ප්‍රමාණයක් ආනයනය වීම මීට හේතුව බවත්, සැප්තැම්බර් 16 වැනිදා වනවිට ඩොලර් මිලියන 1570ක් වටිනා ණයවර ලිපි විවෘත කර ඇති බවත් ඇය එහිදී පෙන්වා දුන්නාය.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්හානි අබේරත්න මහත්මිය සඳහන් කළේ, මෙතරම් වාහන ප්‍රමාණයක් ආනයනය කෙරෙනු ඇතැයි අපේක්ෂා නොකළ බවයි.

වාහන ආනයනය කිරීම තුළින් මෙම වසර සඳහා රුපියල් කෝටි 46,000ක ආදායමක් අපේක්ෂා කළ ද, එම අගය රුපියල් කෝටි 70,000ක් දක්වා ඉහළ යනු ඇතැයි වත්මන් තත්ත්වය අනුව පෙනී යන බව ද ඇය එම කාරක සභාව හමුවේ පෙන්වා දී තිබේ.