4-killed-in-thalawa-lorry-van-accident

කුරුණෑගල-අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ, තලාවට නුදුරු මීරිගම හන්දියේදී අද (25) අළුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් සිව්නෙකුගේ ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත. මෙලෙස මාරක අනතුරකට මුහුණ පා ඇත්තේ ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනි.



අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථය අනුරාධපුර සිට කුරුණෑගල බලා ධාවනය වී ඇති අතර වෑන් රථය කුරුණෑගල සිට අනුරාධපුර දක්වා ධාවනය වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම ඛේදවාචකයෙන් අනතුරුව, වෑන් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් තවත් පස් දෙනෙකු මෙන්ම ලොරි රථයේ රියදුරු ද තුවාල ලබා රෝහල් ගත කර ඇත. තුවාලකරුවන් තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, වෑන් රථයේ ගමන් කළ තිදෙනෙකු රෝහලට ගෙන යනවිටත් පසුව එක් අයෙකුත් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය තහවුරු කළේය. සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

gossiplanka image 2
gossiplanka image 3


gossiplanka image 4
gossiplanka image 5


gossiplanka image 6