නිර්වාසික සැපයුම්කරුවන් විසින් ඉලෙක්ට්‍රොනික වේදිකා හරහා සපයනු ලබන සේවාවන් සඳහා එකතු කළ අගය මත බද්දක් අය කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබූ දිනය මාස හයකින් කල් දැමීමට අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාව පළ කර තිබේ.
2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනතට අනුව, ශ්‍රී ලංකාවේ පදිංචි නැති පුද්ගලයින් විසින් සපයන ඩිජිටල් සේවා සඳහා මෙම බද්ද 2025 ඔක්තෝබර් මස පළමුවන දින සිට අනිවාර්ය කිරීමට මීට පෙර තීරණය කර තිබුණි.
කෙසේ වෙතත්, අදාළ බදු ක්‍රමවේදයට අනුගත වෙමින් අවශ්‍ය තාක්ෂණික හා පරිපාලනමය සැකසුම් සිදු කර ගැනීම සඳහා තමන්ට අමතර කාලයක් අවශ්‍ය බවට නිර්වාසික ඩිජිටල් සේවා සපයන්නන් විසින් රජයෙන් ඉල්ලීමක් කර තිබිණි. ප්‍රායෝගික හේතු කිහිපයක් පදනම් කරගනිමින් එම ඉල්ලීම ඉදිරිපත් වී තිබුණි.
එම ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. ඒ අනුව, බද්ද බලාත්මක කිරීමේ දිනය 2025 ඔක්තෝබර් 01 වෙනුවට 2026 අප්‍රේල් 01 ලෙස සංශෝධනය වනු ඇත. මෙම නව වෙනස්කම්, දැනට කෙටුම්පත් කරමින් පවතින මීළඟ එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval