husband-who-beat-wife-with-axe-after-drinking-alcohol-with-her-lover-surrenders-to-police

 භාර්යාවගේ අනියම් සම්බන්ධයක් සැක කිරීම හේතුවෙන් අනියම් සැමියා සමඟ මත්පැන් පානය කිරීමෙන් පසු ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඔහුව ඝාතනය කළ බවට සැක කරන පුද්ගලයෙක් ඇල්පිටිය පොලිසියට භාර වී ඇත. මියගොස් ඇත්තේ ගොලුවන්මුල්ලේ පදිංචි අවිවාහක පුද්ගලයෙකි. ඝාතනය සිදුකළ බවට සැක කෙරෙන 32 හැවිරිදි පුද්ගලයා ද එක්දරු පියෙකි.





මීට මාස කිහිපයකට පෙර සැකකරුගේ භාර්යාව දරුවා සමඟ නිවසින් පිටව ගොස් ඇත. ඇය මියගිය පුද්ගලයා සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වන බවට සැක කළ සැමියා, ඔහුව තම නිවසට කැඳවා මත්පැන් පානය කිරීමෙන් පසු ඇති වූ ආරවුලක් හේතුවෙන් පොරොවකින් පහරදී ඝාතනය කර ඇති බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

අදාළ සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.