
මීරිගම, රේන්දපොළ ප්‍රදේශයේදී සිය බිරිඳව කපා කොටා ඝාතනය කළ සැමියෙකු, එම අපරාධයෙන් අනතුරුව පොලීසියට භාර වූ පුවතක් ඊයේ (18) සවස වාර්තා විය. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවූ, දෙදරු මවක් වන ජේ.ඒ. තක්ෂිලා දිල්රුක්ෂි නමැත්තියකි.
සැමියා සහ බිරිඳ අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම මෙම ඝාතනයට හේතු වී ඇති බවට පොලීසිය සැක කරන අතර, ඔවුන්ගේ නිවසට යාබද නිවසක මිදුලේදී සැමියා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ ගෙල ප්‍රදේශයටද කැපුම් තුවාල සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.
කලක් විදෙස් ගතව සේවය කර ඇති සැකකාර සැමියා, මීට මාසයකට පමණ පෙර නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවටද තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසයි. අපරාධයෙන් පසු මීරිගම පොලිස් ස්ථානයට භාර වූ සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (18) දිනයේ පැවැත්වීමට නියමිතව තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval