මොණරාගල, සිරි විජයපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි එක්දරු මවක වූ පී. ශමලී මදුෂානි මහත්මියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඇගේ සැමියා වන ඊ. කේ. නුවන් ලක්මිණ මහතා මොණරාගල මහ රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
යටි තල්ලේ දත් කැක්කුමක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සිය සැමියා සමඟ ඇය මොණරාගල මහ රෝහලට ගොස් ඇත. එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ ශල්‍යකර්මයක් අවශ්‍ය බවත්, ඒ සඳහා හය වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගත යුතු බවත්ය. ඒ අනුව ඇය ප්‍රතිකාර ලබමින් සිටියදී, පසුගිය 08 වන දින දහවල් හදිසියේම මියගොස් ඇත.
සිය බිරිඳගේ මරණයට හේතුව කුමක්දැයි දැන ගැනීමට අවශ්‍ය බව පවසන ඇගේ සැමියා, මේ සිදුවීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval