hema-premadasas-letter-requesting-a-house-is-a-lie

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැණීයන් වන හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය කොළඹ අවටින් තමන්ට නිවසක් අවශ්‍ය බව කියමින් රජයට ලියා ඇති ලියමනක් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවෙමින් පවතින අතර



 සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ ලිපියක් ජනාධිපතිවරයාට යොමු කර තිබේද යන්න විමසීමේදී විපක්ෂ නායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ හිටපු ජනපති ආර්යයාව හේමා ප්‍රේමදාස මහත්මිය එවැනි ලිපියක් යොමු කර නොමැති බවයි.
 සමාජ මාධ්‍යයේ සංසරණය වන ලිපිය ගැන ඔවුන් දැනුවත්ව ඇති අතර එය ව්‍යාජව සකසා සමාජ මාධ්‍යට මුදා හැර ඇති අසත්‍ය ලිපියක් බවත් මාධ්‍ය ඒකකය සඳහන් කරයි. 



මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ, හිටපු ජනපති ආර්යාවට හිමිව තිබූ නිල නිවස 2023 වසරේදී යළි රජයට භාර දුන් බවයි. 
හේමා ප්‍රේමදාස මහත්මිය කොළඹ පිහිටි සිය පෞද්ගලික නිවසේ ජීවත් වන බවත් ඇයට හිමිව තිබූ නිල නිවසේ ඇය පදිංචිව නොසිටි බවත් විපක්ෂ නායක මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ ය.  
මෙවැනි ලිපියක් ව්‍යාජව සකසා ව්‍යාජ ලිපි ශීර්ෂයකින් ජනතාව නොමග යවන ආකාරයට සකස්කළ අය අපේක්සා කරන්නට ඇත්තේ විපක්ෂ නායකවරයාට මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට බවද සඳහන් කර තිබේ.
 



gossiplanka image 2