5-million-bus-overturned-in-ella-7-million-to-be-repaired

 දහසය දෙනෙකුට මරු කැඳවමින් සහ තවත් විශාල පිරිසකට බරපතළ තුවාල සිදු කරමින් ඇල්ල ප්‍රදේශයේදී අනතුරට පත් බස් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 55ක් පමණක් වුවත්, එහි හිමිකරු බස් රථය අලංකාර කිරීමට රුපියල් ලක්ෂ 70ක මුදලක් වියදම් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් බණ්ඩාර මහතා මේ බව හෙළි කළේය.



මෙම අනතුර සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වලදී බස් රථයේ තිරිංග පද්ධතියේ පසුපස හබ් කොටසින් කාලයක සිට ග්‍රීස් කාන්දුවක් සිදුව ඇති බව අනාවරණය වී ඇත. එසේම, ජාලිය බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ අධික බෑවුම් සහිත මාර්ගවලදී තිරිංග පද්ධතිය එක දිගට ක්‍රියාත්මක කිරීම නිසා වාහනවල රෝදවල ඩ්‍රම් කොටස රත් වී තිරිංග පද්ධතිය අක්‍රීය වීමේ අවදානමක් පවතින බවයි.

සංචාරයක් සඳහා යන විට තමන් තෝරා ගන්නා වාහනයේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත්, වාහනය නිසි ලෙස නඩත්තු කර තිබේද සහ රියදුරා පළපුරුදු අයෙක්ද යන්න පිළිබඳව සොයා බලන ලෙසත් නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයා සංචාරකයින්ගෙන් ඉල්ලා සිටී.

gossiplanka image 1


gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5


gossiplanka image 6

gossiplanka image 8
gossiplanka image 9



gossiplanka image 7