ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කොටුව මධ්‍යම බස් කාර්යාලය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් සැප්තැම්බර් 15 වැනි දා ආරම්භ කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 540 කට ආසන්න මුදලක් වැය කිරීමට අපේක්ෂා කරන අතර, එය වසරක් ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
නවීකරණ කටයුතු හේතුවෙන් බස් ධාවන සැලැස්ම සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර, මධ්‍යම බස් පර්යන්තයෙන් ක්‍රියාත්මක වූ සියලු සේවා බෝධිරාජ මාවතේ පිහිටි පර්යන්තයේ සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම වෙනස සැප්තැම්බර් 11 වන දා සවස් භාගයේ සිට ක්‍රියාත්මක වේ.
මෙම නවීකරණ වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර, දැනටමත් ඒකාබද්ධ කාලසටහන් ඔස්සේ ක්‍රියාත්මක වන කොළඹ-යාපනය සහ මාර්ග අංක 87 හා 74 වැනි මාර්ගවල බස් සේවා බැස්ටියන් මාවත ඔස්සේ ක්‍රියාත්මක කෙරේ. ඉදිරියේදී සියලු දුර සේවා සහ කෙටි දුර සේවා (උදා: මීගමුව, හලාවත, කුලියාපිටිය) බෝධිරාජ මාවත ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
නව බස් පර්යන්තයට පැමිණෙන මගීන්ට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ සහාය ලබා ගන්නා අතර,
කිසියම් තදබදයක් ඇති වුවහොත් එයට මුහුණ දීමට සූදානම් බවද නිලධාරීන් පවසයි. මීට අමතරව, මගීන්ට අවශ්‍ය උපකාර ලබා දීම සඳහා කළමනාකාරවරුන් ඇතුළු සේවක කණ්ඩායම් පර්යන්තය තුළ රැඳී සිටීමට සූදානම් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval