දෙහිවල, ද අල්විස් පෙදෙස නිවසක් පිටුපස තිබී චීන ජාතිකයෙකුගේ සිරුරක් සොයාගත් බව දෙහිවල පොලීසිය පවසයි. පොලීසියට ලද දුරකතන ඇමතුමක් මත මෙම සිරුර සොයාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ පෞද්ගලික ආයතනයක සේවය කරන චීන ජාතිකයෙකි. ඔහු, යාබද මහල් නිවාස සංකීර්ණයක ඉහළ මාලයෙන් ඇද වැටෙන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
මියගිය පුද්ගලයා සමඟ තවත් චීන ජාතිකයින් පිරිසක් එම මහල් නිවාස සංකීර්ණයේ රැඳී සිට ඇති බවට තොරතුරු වාර්තා වේ.
සිරුර දැනට කළුබෝවිල හෙවත් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, දෙහිවල පොලීසිය සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval