chandrika-is-also-ready-to-leave-maithri-has-already-left-mahinda-is-leaving-today

 විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟ, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්ම මහත්මීන් ඔවුන්ගේ නිල නිවාස රජයට භාර දීමට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමටත් පෙර

කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසින් පිටව ගොස් ඇති බව ඔහුගේ සමීපතමයන් පවසයි. ඒ අනුව ඔහු බත්තරමුල්ලේ පිහිටි නිවසකට ගොස් ඇති බවත්, එහිදී ඔහු සිය ඇතැම් බඩුබාහිරාදිය ඉවත් කරගෙන ඇති බවත් වාර්තා වේ.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද නිල නිවස භාරදීමට සූදානමින් සිටින බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා  තහවුරු කළේය. රජය විසින් නීත්‍යානුකූලව දැනුම් දුන් වහාම ඒ අනුව කටයුතු කිරීමට ඔහු සූදානම් බව ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය. හිටපු ජනාධිපතිවරයා කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි වර්තමාන නිල නිවස අතහැර යන ස්ථානය පිළිබඳව පවුලේ අය තීරණයක් ගනු ඇති බවද ඔහු පැවසීය.

හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි සිය නිල නිවසින් පිටව යෑමට සූදානමින් සිටින බව ඇයගේ මාධ්‍ය ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය.



විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කිරීමෙන් පසුව එය පාර්ලිමේන්තුවේ සම්මත විය. මෙම පනතට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා, සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ, නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී එස්.එම්. විජේවික්‍රම ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්ම මහත්මීන් මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කිරීමට කටයුතු කළේ නැත. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මෙම පනතට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයකට ඇය සම්බන්ධ වී නොමැති බවයි.



ජන­ප­ති­ව­රුන්ගේ හිමි­කම් පන­තෙන් ලැබී ඇති කාරණා සම්බ­න්ධ­යෙන් හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් 05 දෙන­කුට සහ හිටපු ජන­පති ආර්යා­ව­කට 2024 වසරේ රුපි­යල් කෝටි 9කට අධික රජයේ මුද­ලක් විය­ද­ම්කර ඇති බව පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (10) හෙළි­විය.

මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (10) එම තොර­තුරු හෙළි­ක­රනු ලැබුවේ මෙසේය.

පසු­ගිය 2024 වසර තුළ දී විශ්‍රා­මික ජනා­ධි­පති ආර්යා හේමා ප්‍රේම­දාස මැති­ණි­යට රුපි­යල් විසි­හය ලක්ෂ අසූ පන්ද­හස් හය­සිය අසූ­වක්, විශ්‍රා­මික ජනා­ධි­පති චන්ද්‍රිකා කුමා­ර­තුංග මැති­ණි­යට රුපි­යල් එක්කෝටි දහ­සය ලක්ෂ හැට හතර දහස් තුන්සිය හත­ලිස් අටක්, විශ්‍රා­මික ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාට රුපි­යල් පන්කෝටි හත­ලිස් හය ලක්ෂ පනස් දෙද­හස් නව­සිය අනූ­වක්, විශ්‍රා­මික ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාට රුපි­යල් එක්කෝටි පනස් ලක්ෂ හැත්තෑ දෙද­හස් හාර­සිය පන­හක්, විශ්‍රා­මික ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට රුපි­යල් එක්කෝටි දෙලක්ෂ විසි දෙද­හස් අට­සිය අසූ එකක්, විශ්‍රා­මික ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට රුපි­යල් තිස්හ­තර ලක්ෂ අනූ දෙද­හස් තුන්සිය නව­යක් වශ­යෙන් රුපි­යල් නව කෝටි අසූ­පන් ලක්ෂ හත­ලිස් අට­ද­හස් තිස් නව­යක මුද­ලක් වැය කර තිබෙ­නවා.



මේ හැරුණු කොට මහින්ද රාජ­පක්ෂ මහතා තමාගේ නිල නිවෙස නවී­ක­ර­ණය වෙනු­වෙන් රුපි­යල් කෝටි 47ක් වෙන්කර ගන්නවා. ජන­තාව පීඩා­වට පත්ව සිටින වෙලා­වක මේ මුදල වෙන්කර තිබෙ­නවා. 2021 කෝටි 25ක් වෙක්ක­ර­ගෙන තිබෙ­නවා. කෝටි 18ක් 2022දී වෙන්ක­ර­ගෙන තිබෙ­නවා. රටේ ජන­තා­වගේ මුදල් මෙලෙස පරි­හ­ර­ණය කිරීම සුදුසු නැහැ. මෙවැ­න්නක් කරන්න තව­දු­ර­ටත් ඉඩ දිය­යුතු නැහැ. එහෙම හැකි­යා­වක් නැහැ. මේ රටේ ජන­තා­වගේ හැම රුපි­ය­ල­කම ආර­ක්ෂාව තහ­වුරු කර­නවා.

මුදල් වියදම් කර ඇති ආකාරය

  • හේමා ප්‍රේම­දාස 2,685,680
  • චන්ද්‍රිකා කුමා­ර­තුංග 11,664,348
  • මහින්ද රාජ­පක්ෂ 54,652,990
  • මෛත්‍රී­පාල සිරි­සේන 15,072,450
  • ගෝඨා­භය රාජ­පක්ෂ 10,222,881
  • රනිල් වික්‍ර­ම­සිංහ 3,492,309