ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා, ගුවන්විදුලි නාලිකාවක් තමාට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රචාරයක් සිදුකළේ යැයි චෝදනා කරමින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා නඩු පවරා තිබේ.
අදාළ නඩුව (DMR 01083/25) කොළඹ දිස්ත්‍රික් අධිකරණය වෙත ගොනු කර ඇති අතර, මන්ත්‍රීවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ සිය නැසීගිය මාමණ්ඩිය පාතාල ලෝකය හා සම්බන්ධ බවට අදාළ ගුවන්විදුලි නාලිකාවේ වැඩසටහනක් අතරතුර
මෙම අසත්‍ය ප්‍රකාශය නිවැරදි කර පසු විකාශනයන්හිදී කරුණු පැහැදිලි කරන ලෙසට මීට පෙර අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කළ ද, ගුවන්විදුලි නාලිකාව එය ඉටු කිරීමට අපොහොසත් වූ බවද මන්ත්‍රීවරයා සිය නඩුව මගින් අධිකරණයට දන්වා ඇත.
ඒ අනුව, ප්‍රසිද්ධියේ කරුණු නිවැරදි කිරීමක් සිදුකරන ලෙසටත්, සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් ගෙවන ලෙසටත් නියෝගයක් නිකුත් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
මීට වසර දෙකකට පෙර, එනම් 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී එවකට රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ඩී. වී. චානක මහතාගේ මාමණ්ඩිය වූ ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් මහතා වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.
ගාල්ල, වුඩ්වඩ් මාවතේ පිහිටි සිය නිවසේ පදිංචිව සිටි ඒ මහතා ඩික්මන් පාර ප්‍රදේශයේදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්විය.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු, ලලිත් වසන්ත මෙන්ඩිස් මහතා ගමන් ගත් මෝටර් රථය පසුපස හඹා විත් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබුණි. මෝටර් රථයට වෙඩි ප්‍රහාර දහයක් පමණ එල්ල වී තිබූ අතර, සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඒ මහතා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටියේය. මෙම ඝාතන සිදුවීමෙන් අනතුරුව එය පාතාල කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙසට සමාජයේ කතාබහක් නිර්මාණය විය.
Comments
Post a Comment
Your comment will be visible after approval