
පිටබැද්දර පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ නිලධාරීන්, 'අයිස්' නමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,400ක් සමඟ පුද්ගලයෙකු පසුගිය 21 වන දා අත්අඩංගුවට ගැනීමට සමත් විය. එම අවස්ථාවේදීම, අදාළ සැකකරුගෙන් මත්ද්‍රව්‍ය මිල දී ගැනීමට පැමිණ සිටි තවත් සිව් දෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබේ.
ප්‍රධාන සැකකරු "පැංචා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 26 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහු කොළඹ ප්‍රදේශයේ රියදුරෙකු ලෙස සේවය කරන්නෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම සිය ප්‍රධාන ආදායම් මාර්ගය කරගෙන ඇති බවත් සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබේ.
දුරකථන ඇමතුම් ලබා දෙන පුද්ගලයන්ට මත්ද්‍රව්‍ය අලෙවි කිරීම මොහුගේ ජාවාරමේ උපාය වී ඇති අතර, ප්‍රදේශයේ පාසල් යන වයසේ දරුවන්ට පවා මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත. මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ප්‍රධාන සැකකරු ඔක්තෝබර් මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු අතර, මත්ද්‍රව්‍ය මිල දී ගැනීමට පැමිණි අනෙක් සිව්දෙනා ඇප මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval