
ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් දින 17 සිට සමූහ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වන බවට වාර්තා වේ. ඔවුන් දැනට ක්‍රියාත්මක කරන “අකුරට වැඩ කිරීමේ” වෘත්තීය ක්‍රියාමාර්ගයට සැප්තැම්බර් 16 වනදා වන විට සාධනීය විසඳුමක් නොලැබුණහොත් මෙම පියවර ගැනීමට තීරණය කර ඇති බව
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ලංවිම ඉංජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන් ඇතුළු විවිධ ශ්‍රේණිවල සේවකයින් 20,000කට ආසන්න පිරිසක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, රෝහල් සහ වෙනත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා වැඩ මුරයෙහි සිටින 1000-1500ත් අතර සේවක පිරිසක් පමණක් සේවයේ යෙදී සිටිනු ඇත. ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ලංකා විදුලි සේවක සංගමය හැර අනෙකුත් සියලු වෘත්තීය සමිති නියෝජිතයින් එක්ව සැප්තැම්බර් 12 වනදා මෙම තීරණයට එළැඹිණි.
වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දෙන්නේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගවලට ද රජය ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් එය සංකේතාත්මක වැඩ වර්ජනයක් දක්වා ව්‍යාප්ත කිරීමට සිදුවන බවයි.
එවන් තත්ත්වයක් තුළ රට පුරා තැන තැන විදුලිය බිඳ වැටීම් සිදුවිය හැකි බවටත්, හදිසි තත්ත්වයකදී ඊට ප්‍රමුඛත්වය දී යථා තත්ත්වයට පත්කිරීම් සිදු කරන බවටත් ඔවුහු අනතුරු අඟවති. දැනටමත් ක්‍රියාත්මක වන “අකුරට වැඩ කිරීම” නිසා දිවා සේවා කාලයෙන් පසු සිදුවන විදුලිය බිඳ වැටීම් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට අපහසු වී ඇත. විශේෂයෙන් අධිසැර විදුලිය බිඳ වැටීමක් සිදුවුවහොත් එය යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වනු ඇතැයි ඔවුහු පවසති.
ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෘත්තීය සමිති සමඟ ඇතිකරගත් එකඟතා කඩකරමින් සිදුවන බවට චෝදනා කරන සේවකයින්, එම ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව නිවැරදිව කරගෙන යාමටත්, සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත් ඉල්ලීම් 24ක් ඉදිරිපත් කර ඇත. තම ඉල්ලීම්වලට රජය කඩිනම් සහ සාධනීය ප්‍රතිචාරයක් ලබා නොදෙන්නේ නම්, අකමැත්තෙන් වුවද සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම සඳහා අවශ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට පසුබට නොවන බව ලංවිම ඉංජිනේරු සංගමය දන්වා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval