piyal-manamperi-of-pohottuwa-is-in-custody-sampath-manamperi-is-hiding

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය කිලෝ 50,000 කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් සිද්ධියට අදාළව චෝදනා එල්ලවූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් මනම්පේරී මිද්දෙණිය, තලාව ප්‍රදේශයේදී බස්නාහිර, උතුර පොලිස් කොට්ඨාසය  අත්අඩංගුවට ගෙන තිබෙයි.



පසුගියදා කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමඟ අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ තොරතුරු මත පියල් මනම්පේරීගේ මවට අයත් ඉඩමක මෙම රසායන ද්‍රව්‍ය තොගය සගවා තිබියදී හමුවූ අතර නුවරඑලියෙ අයිස් නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය එහි තිබී ඇතැයි පැවසේ.
ඔහුගේ සහෝදරයා වන වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රාදේශීය මන්ත්‍රී සම්පත් මනම්පේරීද මීට සම්බන්ධ බවට තොරතුරු හෙළිවූ අතර ඔහු මෙම සිදුවීමත් සමග පළාගොස් අතුරුදන්ව ඇතැයි පැවසේ. ඔහු සෙවීම සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මකය.

මේ අතර තමන්ගේ ඇඟ බේරාගැනීමට සම්පත් මනම්පේරීගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් නිවේදනය කර තිබුණි.  සම්පත් හා පියල් අයිස් නිෂ්පාදනාගාරයට සම්බන්ධව ඇත්තේ පක්ෂ සාමාජිකත්වය පවතිද්දීය.
අත්අඩංගුවට පත් පියල් මනම්පේරි අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර පරීක්ෂණ සඳහා රඳවා ගැනීමට නියමිතය.



gossiplanka image 1


gossiplanka image 3