after-middeniya-another-chemical-stockpile-emerges-from-tangalle

 තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත තංගල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් නෙටොල්පිටිය, වැලිවැන්න හරස් මාවතට යාබදව පිහිටි ඉඩමක සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම තොගය සොයා ගනු ලැබ ඇත.



මෙම ඉඩමෙන් සොයා ගත් සුදු පැහැති රසායනික ද්‍රව්‍ය, මීට පෙර මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමකින් සොයා ගත් රසායනික ද්‍රව්‍යවලට බෙහෙවින් සමාන බව වාර්තා වේ.

මේ අතර, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය සොයා ගත් හම්බන්තොට,

මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ඉඩමේ තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක විය. මිද්දෙණිය පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙම පරීක්ෂණ සඳහා එක්ව සිටියහ.

එම භූමියේ සිදුකළ පරීක්ෂණවලදී ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ සහ අත්බෝම්බ කිහිපයක් ද සොයා ගෙන තිබේ. ඒ අතර ජීව අත්බෝම්බ 05ක්, ටී 56 වර්ගයේ ජීව පතරොම් 17ක්, බෝර 12 වර්ගයේ ගිනි අවි උණ්ඩ සහ හිස් පතරොම් කොපුවක් ද විය.



gossiplanka image 2