පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපතක්ෂ අම්පාර මහඔය රැස්වීමක් අමතමින් පහත අදහස් පළ කර තිබෙයි.
ආණ්ඩුව දේශපාලන බලවේග මැර බලයෙන් හා මර්දනයෙන් පාලනය කළ නොහැකි බවත්, එසේ කිරීමට උත්සාහ කළහොත් එය සාර්ථක නොවන බවත් අපි ආණ්ඩුවට මතක් කර දිය යුතුයි.
අද වන විට රාජ්‍ය සේවකයාට බියෙන් තොරව නිදහසේ වැඩ කළ හැකි මානසික තත්ත්වයක් නැහැ. තමන් කොයි වෙලාවේ, කොතැනදී වැරදිකරුවකු වේවිද යන බියෙන් ඔවුන් කටයුතු කරනවා. ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නොමැති වූ විට සහ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ විට, රාජ්‍ය සේවකයා මර්දනය කර හෝ තම දේශපාලන බලය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනවා.
මෙම ආණ්ඩුව පහත් දේශපාලනයක් ක්‍රියාත්මක කරන අතර, ප්‍රතිපත්තිමය වශයෙන් කරන විවේචන ද ගැටලුවක් බවට පත් කරගෙන තිබෙනවා. මර්දනය තුළින් තවත් දේශපාලන බලවේගයක් නැගී සිටීම නැවැත්වීමට උත්සාහ කරන්නේ නම් ඊට අපි විරුද්ධයි.
ආණ්ඩුව යෞවන සමාජ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කර විනාශ කර දමා ඇත. ගමේ මරණාධාර සමිතියේ සිට යෞවන සමාජ ව්‍යාපාරය දක්වාම තමන්ගේ හිතවතුන් සහ පක්ෂ අනුගාමිකයන් තනතුරු සඳහා පත් කර ඇති බව පෙනී යනවා.
රණවිරුවා තම ජීවිතය පරදුවට තබා රට ආරක්ෂා කළා. එහෙත් අද නාවික හමුදාපතිවරයා සිරගෙදර සිටිනවා. ඊට හේතුව ලෙස දැක්විය හැක්කේ ඔහුව සිරගෙදර දමා ඔහුට විරුද්ධව සාක්ෂි දීමට LTTE බුද්ධි අංශ ප්‍රධානියෙකුගෙන් ඉල්ලීමක් කිරීමයි. කලක් ත්‍රස්තවාදියෙක් වූ පුද්ගලයා අද සාක්ෂිකාරයෙක් වී සිටින අතර රණවිරුවා සිරගෙදර සිටිනවා.
Comments
Post a Comment
Your comment will be visible after approval