brother-beats-14-year-old-boy-to-the-point-of-breaking-his-teeth-because-he-didnt-let-his-younger-brother-play-with-him

 දරුවන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් 14 හැවිරිදි දරුවකුගේ දත් දෙකක් කැඩෙන ලෙස පහර දීමක් සම්බන්ධයෙන් පයාගල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. පහරදීමට ලක්වූ දරුවා මේ වන විට කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.



පයාගල හල්කඳවිල දූවගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම දරුවාගේ මව විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය අනාවරණය විය.

පසුගිය සැප්තැම්බර් 9 වන දින සවස සිය දරුවා නිවස අසල බණ ගෙදරකදී තවත් දරුවෙකු සමඟ සෙල්ලම් කරමින් සිටියදී, පැමිණි තවත් දරුවකුට "සෙල්ලමට ගන්න බැහැ" යැයි පවසා ඇත. එයට කෝපයට පත් වූ එම දරුවාගේ වැඩිමහල් සොහොයුරා, තම පුතාට පහරදී බෙල්ල මිරිකූ බව මව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම පහරදීමෙන් තම දරුවාගේ දත් දෙකක් කැඩී ගොස් තවත් දතක් සෙලවෙන තත්ත්වයට පත්ව ඇති බව ද ඇය පොලීසියට ප්‍රකාශ කර තිබේ.

පයාගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ජයසේකර මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.