fire-breaks-out-in-part-of-sapugaskanda-refinery

 සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අයත් ඉන්ධන ටැංකියක අද (10) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ. අලුත්වැඩියා කටයුත්තක් අතරතුර ඉන්ධන ඉවත් කර තිබූ මෙම ටැංකියේ ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.

ගින්න පාලනය කිරීම සඳහා කොළඹ සහ කොළොන්නාවේ ගිනි නිවන රථ යොමුකර ඇති අතර, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවට අනුව අමතර ගිනි නිවීම් රථ හතරක් ද එම ස්ථානයට පිටත් කර යවා ඇත. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් ඒකක මේ වන විටත් කටයුතු කරමින් සිටී.

gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5