sixty-year-old-uncle-comes-to-show-nudes-to-eighteen-year-old-girl-at-national-hospital

ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණි දහඅට හැවිරිදි තරුණියකට නිරුවත පෙන්වු බවට සැකකරන මොරටුව ප‍්‍රදේශයේ හැට හැවිරිදි පුද්ගලයකු පිළිබඳ නඩු විභාගයක් ඊයේ විභාග වුණා.
ප‍්‍රතිකාර සඳහා ජාතික රෝහලේ නැවතී සිටි රූමත් කාන්තාව දැක ඇයට වසඟව රෝහල් වාට්ටු අසළ කැරකෙමින් සිටි බව කියන මේ පුද්ගලයා ඇය එහේට මෙහෙට වන අවස්ථාවක් බලා ඇය පසුපසින් ගමන් කර ඇයට අයුතු යෝජනාවක් කර ඇත්තේ නිරුවතද පෙන්වමිනි.





මෙයින්  කලබලයට පත් තරුණිය එයින් ටික වේලාවකට පසු ලෙඞ්ඩු බලන වේලාවේ පැමිණි ඇගේ මවට මේ කරුණ හෙළි කර සිටි අතර සැකකරු ඒ වන විටත් තවත් ලෙඩෙකු අසළ එම වාට්ටුවේ සිට ඇත.
ඔහු වෙතට ගිය තරුණියගේ මව හැටහැවිරිදි පුද්ගලයාට දෝෂාරෝපණය කර ඇත්තේ ‘ලැජ්ජ නැද්ද මිනිහෝ මෙතන වල්කම් කරන්න’ කියමිනි.

ඒ අවස්ථාවේ තමන් අතින් වරදක් නොවුණ ගාණට හැසිරුණ එම තැනැත්තා තරුණියගේ මව සමග ආරවුලකටද පැටලී තිබෙනවා. බහින්බස් වීම දුරදිග ගොස් තරුණියගේ මව සැකකරුට පහරදෙන්නට වූ අතර පහරකෑ පුද්ගලයා රෝහල් පොලිසියට මේ සම්බන්ධව පැමිණිල්ලක් කර තිබෙනව්නේ තමන්ට නිකරුනේ පහරදුන් බව කියමිනි.

මේ ආරවුල ඊයේ අධිකරණයේ විභාග වූ අවස්ථාවේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ  මහතා අධිකරණය වෙත කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා අධික ලෙස දියවැඩියා රෝගයෙන් පෙළෙන අයෙක් බවත්,

එයට ප‍්‍රතිකාර ලබා ගැනීමට ආ අවස්ථාවේ ඔහුට ක්ලාන්ත ගතියක් ඇතිවී බිම හිඳගෙන ඇති බවත්, නිරුවත පෙන්වීමේ සිද්ධියක් මෙහිදී සිදුවී නැති බවත්ය.
ඔහුට ඇප ලබාදෙන ලෙසත් නීතීඥවරයා ඉල්ලා සිටියා.

මේ ගැන වැඩිදුර විමසිය යුතු බව මහේස්ත‍්‍රාත් දැන්වූ අතර
රුපියල් විසිපන් දහසක ශරීර ඇපයක් මත මුදාහැරීමට මාලිගාකන්ද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්  නියෝග කර තිබුණි.