සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන 'බැකෝ සමන්'ගේ බිරිඳ යැයි කියන සාජිකා කල්පනී නැමැත්තිය, කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ. ඉන්දුනීසියාවේදී ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමග අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කිරීමෙන් පසු ඇය මෙසේ පොලිස් භාරයට පත් විය.
මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරිය,
'කෙහෙල්බද්දර පද්මේ' ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් කිහිප දෙනෙකු සමග පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට පත් වූවාය. එම අවස්ථාවේදී ඇගේ සැමියා වන 'බැකෝ සමන්' හෙවත් එන්.එන්. ප්‍රසංග සහ ඔවුන්ගේ කුඩා දරුවා ද බලධාරීන් භාරයට පත්ව තිබිණි.
ඉන්දුනීසියාවෙන් පිටුවහල් කිරීමෙන් පසු පසුගිය අගෝස්තු 29 වනදා මෙරටට පැමිණි සැකකාරිය, කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලදී. මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව,
වැඩිදුර විමර්ශන සඳහා ඇයව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට පියවර ගෙන තිබිණි.
සැකකාරිය ඇඹිලිපිටිය අධිකරණයේ විභාග වන නඩුවක ද සැකකාරියක ලෙස නම් කර ඇත. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා පසුගිය අගෝස්තු 30 වනදා මෙම රැඳවුම් නියෝගය ලබා දුන්නේය.
Comments
Post a Comment
Your comment will be visible after approval