කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (21) උදෑසන මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ කරන්දෙණිය, බොරකන්ද පදිංචි මහීල් රංගජීව මුණසිංහ (47) නැමැති අයයි.
කරන්දෙණිය, බොරකන්ද ප්‍රදේශයේ ව්‍යායාම සදහා අද (21) උදෑසන ඇවිදිමට ගොස් සිටියදි පෙ.ව 6.00 ට පමණ ඇද වැටීමක් හේතුවෙන් බොරකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඒ මහතා මියගොස් තිබෙන බව ප්‍රදේශවාසීන් කියයි.
මියගිය සභාපතිවරයාගේ මෘත දේහය මේ වන විට කරන්දෙණිය,
බොරකන්ද ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබෙන අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වි නැත.
පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණය සදහා කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගය පක්ෂය යටතේ බොරකන්ද කොට්ඨාශයට තරග කරමින් ජයග්‍රහණය ලබා මහීල් රංගජීව මුණසිංහ (47) මහතා කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බවට පත් විය.
ඒ මහතාගේ බිරිද කොටවිල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන අතර මියගිය අය එක් දියණියකගේ පියෙකි.
කරන්දෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(ජයකාන්ත ලියනගේ - බළපිටිය )
Comments
Post a Comment
Your comment will be visible after approval