
බස්නාහිර පළාතේ ධාවනය වන බස් රථවල ප්‍රවේශ පත්‍රයක් නොමැතිව ගමන් කරන මගීන්ට මෙන්ම ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ට එරෙහිව හෙට (ඔක්තෝබර් 01) සිට දඩ මුදල් නියම කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේ.
එම අධිකාරියේ ධාවන කළමනාකරු, ජීවින්ද කීර්තිරත්න මහතා අවධාරණය කරන්නේ,
මෙම නීතිය ක්‍රියාත්මක වීමත් සමග බස්නාහිර පළාත තුළ බස් රථවල ගමන් ගන්නා මගීන් තම ගමනාන්තය දක්වාම ප්‍රවේශ පත්‍රය තමන් සතුව තබා ගැනීම අනිවාර්ය වන බවයි.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා සඳහන් කරන්නේ, බස් රථයට මගියෙකු ගොඩ වූ පසු ඔහුට අදාළ බස් රථයේ අංකය, ගමනාරම්භය, ගමනාන්තය, අනුක්‍රමික අංකය සහ ගමන් ගාස්තුව ඇතුළත් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම කොන්දොස්තරවරයාගේ වගකීමක් වන බවයි. එමෙන්ම, මගියාද තම ගමනේ පළමු කඩඉම ආරම්භ වීමට ප්‍රථම ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන එය ගමන අවසන් වන තුරු සුරක්ෂිතව තබාගත යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.
මෙම නියමය කඩකරමින් ප්‍රවේශ පත්‍රයක් ලබා නොගන්නා මගියෙකුට රුපියල් 100ක දඩ මුදලක් සහ අදාළ ගමන්වාරය සඳහා අය කරන ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවීමට සිදුවන බව අධිකාරිය වැඩිදුරටත් දැනුම් දෙයි. එමෙන්ම, මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ට එරෙහිව ද නීතිමය පියවර ගැනීමට සැලසුම් කර ඇති බව ගාමිණී ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval