UPDATE : අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා රු. මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරේ:
Previous Update පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා කොටුව පොලිසිය විසින් අඩංගුවට ගෙන තිබෙයි.
ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (29) පෙරවරුවේ කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.වැරදි තැනක වාහනයක් නතර කර තැබීමෙන් පසු 'මෝඩයෝ...ඔයාලගෙ ඔලුවෙද මං නවත්වන්නේ'
කියමින් පසුගිය සතියේ කොළඹ කොටුව පොලිස් රථවාහන අංශය සමග බහින් බස්වූ මන්ත්‍රීවරයාට එම අවස්ථාවේ පොලිසිය යන්න දුන්නත් පසුව එම වීඩියෝ සාක්ෂි සමග නීතිමය පැමිණිල්ලක් ගොනු කර තිබූ අතර එහිදී ඔහු පොලිස් නිලධාරී රාජකාරියට බාධා කිරීම යන වරදට හසුවන බව පොලිසියට නිරීක්ෂණය විය.ඒ අනුව මන්ත්‍රීවරයාගෙන් ඒ ගැන අද කටඋත්තර ගැනීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර අද අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි පැවසේ.
මීට ඉහත අවස්ථා කිහිපයකදීම පොලිසිය හා වාද වල පැටලුණ මන්ත්‍රීවරයා මේ ආකාර අත්අඩංගුවට පත්වීමට සිදු විය.
ඔහු කොටුවේ වාහන නැවැත්වීමට අවසර නැති තැනක වාහනය නවත්වා පොලිසියට බැණවදින වීඩියෝව සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වූයේ පහත පරිදිය.සිද්ධිය අවස්ථාවේ මන්ත්‍රීවරයා සමග කාන්තාවකද ගමන් කරන අයුරු වීඩියෝවේ දිස් විය.
Comments
Post a Comment
Your comment will be visible after approval